රාගම කැන්දලන්ද ප්‍රදේශයේ නිවෙසක හුදකලාව වාසය කළ වයස අවුරුදු 60ක කාන්තාවකගේ නිවෙසට 22 වැනිදා අලුයම 1.30ට පමණ නිවෙසේ ඉදිරිපස දොර විවර කරගෙන ඇතුළුවීමට උත්සාහ කළ නාවික හමුදා සෙබළකුට එම කාන්තාව විසින් මන්නා පහරක් එල්ල කිරීමේ සිද්ධියක් රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වේ. මන්නා පහර කෑ සැකකරු පලාගොස් ඇති අතර කාන්තාව පහර දුන් මන්නයද රැගෙන එම අවස්ථාවේදීම රාගම පොලිසියට පැමිණ භාරවී ඇත.
from GOSSIP NEWS https://ift.tt/3i8JkVV
via https://tamil244.blogspot.com/
No comments